brand logo

පෝලිම් නැති එන්නත් වැඩසටහන

03 June 2021

කොවිඩ්19 වෛරසයෙන් ආරක්ෂා වීමට අද (03) දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල එන්නත් කරණය කටයුතු සිදුකරනු ලබයි. බස්නාහිර පළාතේ ද ප්‍රදේශ කිහිපයකම මෙම එන්නත් කරන කටයුතු සිදු වන අතර බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මෙම එන්නත් කරණය කිරීමේ කටයුතු සිදුවිය. මෙහිදී බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ වේරහැර උතුර ග්‍රාම නිලධාරී වසමේ 1500ක පිරිසක්ද , පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක 2500 ක පිරිසක් ද මෙසේ එන්නත් කරණය සිදුකර ඇත. මෙම ස්ථාන දෙකෙහිදීම ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් අදාල ග්‍රාම නිලධාරි වසම්වල ග්‍රාම නිලධාරීන් හරහා ප්‍රදේශයේ එන්නත් කරණය සිදු කිරීමට අවශ්‍ය පිරිස් වෙත අංක ලබා දීම සිදුකර තිබූ හෙයින් පසුගිය දිනවල එම ස්ථානවල එන්නත්කරණය කිරීමේදී දක්නට තිබූ කිසිදු පෝලිමක් අද දිනයේ දක්නට නොලැබිණ. එම නව ක්‍රියාවලිය එන්නත් ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසකගේ පැසසුමට ද ලක්විය . බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේදී එන්නත් කරනය සිදුකෙරුනු අයුරු .. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේදී එන්නත් කරණය සිදුකෙරුනු අයුරු .... දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..