brand logo

පෝය හා ඉරිදා දිනවල උපකාරක පංති නතර කිරීමට කැබිනට් පත්‍රිකවක්

03 January 2019

ඉරිදා දිනවල සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් ආගමික සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකවක් ඉදිරිපත් කරන බවට බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් කරයි. ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයන් සඳහා දහම් පාසල් සහතිකය මගින් ලකුණු හිමි වන පරිදි කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා සිදුකර ඇති බවත් ඒ අනුව පෙර සඳහන් කළ විභාගයන් සඳහා ලකුණු 10 බැගින් ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉරිදා දිනවල පස්වරු 02 දක්වා උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම සම්පූර්යෙණයෙන්ම තහනම් කිරීමට මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. Recommended Articles
 

More News..