brand logo

පෝද්දල සහ කරන්දෙණිය ප්‍රා.ලේ. කාර්යාලවල අසාදිත පිරිසක්

03 February 2021

    කොවිඩ් ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු සේවයට පැමිණීම නිසා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා සඳහන් කරනවා. මේ අන්තර බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීමෙන් එහි සමාජ සේවා අංශයද අද (03) දහවල් සිට තාවකාලිකව වසාදමා ඇති බව වාර්තා වනවා. මිට අමතරව එම නිලධාරිනියගේ සැමියා සේවය කරන ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි දකුණු පළාත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය ද අද වසා දැමීමට පියවර ගෙන තිබුණා. මේ අනුව තාවකාලිකව වසාදැමුන බෝපෙ පෝද්දල සහ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම අංශ වල නිලධාරීන් නිරෝධායනය කිරීමට උපදෙස් ලබාදුන් බව කමල් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
 

More News..