brand logo

පෝට් සිටියේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාව අවධානයෙන්

20 June 2021

ලංකාව තුළ චීනය සිදුකරන ක්‍රියාකාරකම් ඉන්දියාවට තර්ජනයක් විය හැකි බව ඉන්දීය නාවික හමුදා ප්‍රධානියෙකු වන වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් පවසා තිබේ. චීනය සහ ශ්‍රී ලංකාවේ නව වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එරට පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉන්දියාව විමසිල්ලෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් මුහුදු සීමා සුරක්ෂිත කිරීමට ඉන්දීය නාවික හමුදාව පියවර ගෙන තිබෙන බවත් කිසිදු පාර්ශ්වයකට මැදිහත්වීම් සිදුකළ නොහැකි බවත් වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.
 

More News..