brand logo

පොළොන්නරුව රෝහලේ රෝගියෙකුට කොරෝනා

16 October 2020

පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (16) වාර්තා කරයි. අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් අසනීපයක් සඳහා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහිදී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක් මගින් ඇය ආසාදිතයක් බවට හදුනාගෙන ඇත. එම කාන්තාව ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය කණ්ඩායම් 2ක් යොදවා ඇත.
 

More News..