brand logo

පොළොන්නරුව දේශීය සංචාරකයන්ට තාවකාලිකව වැසෙයි

04 January 2021

මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පොළොන්නරුව සහ සීගිරිය සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සංචාරයක නිරත වන බැවින්, එම ස්ථාන දේශීය සංචාරකයන් සඳහා විවෘත නොකරන වේලාවන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාලිගා සංකීර්ණයද, දළදා මළුව, ශිව දේවාල (අංක 2) ආලාහ පිරිවෙන් සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහෙර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙළුම් පොකුණ යන ස්ථාන අද (4 වැනිදා) පස්වරු 1.00 න් පසු දේශීය සංචාරකයන්ට විවෘත නොකෙරේ. ඔවුන් හෙට (5 වැනිදා) සීගිරිය සංචාරක කලාපයේ සංචාරයක නිරත වීමට නියමිත් බැවින් එම කලාපයද හෙට (5 වැනිදා) දහවල් 12.00 දක්වා වූ කාලය දේශීය සංචාරකයන්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
 

More News..