brand logo

පොළොන්නරුවේ ජල කප්පාදුවක්

11 October 2020

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මින්නේරිය ජල ගබඩා ටැංකියේ අළුත්වැඩියා කටයුත්තක් සිදුකිරීමට නියමිතයි. මේ හේතුවෙන් 2020 ඔක්තෝබර් මස 13වන දා (අඟහරුවාදා) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගනු ඇති. ඒ අනුව මින්නේරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය නගරය, මින්නේරිය හබරණ මාර්ගයේ ගිරිතලේ දක්වා, ගල්ඔය පාර, හිඟුරක්ගොඩ නගරය සහ අවට, මාලකපුර, තඹලවැව සහ සිංහඋදාගම ආදී ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
 

More News..