brand logo

පොළොන්නරුවේ ජනතාව නොසන්සුන් මෛත්‍රීගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්

24 April 2020

පොළොන්නරුවේ ජනතාවගේ ජන ජීවිතය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට කරුනු ඉදිරිපත්  කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිපියක් යොමු කර තිඛේ. අදාල ලිපිය පහතින් දැක්වෙයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හදුනා ගැනීමත් සමඟම පොළොන්නරුවේ ජනතාව ඉමහත් නොසන්සුන් තත්වයට පත්ව ඇත. තවත් ආසාදිතයන් සිටී දැයි සොයා බලා හැකි ඉක්මණින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ජනතාව දැනුවත් කොට හැකි ඉක්මණින් ජන ජීවිතය යථා තත්වයට පත් කර ගැනීම සඳහා සිය අවධානය යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි. කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අංශ සිදු කරන්නා වූ මෙහෙවර අතිශයින් ප්‍රසංසනීය යි.අදාළ තත්ත්වය පිළිබඳව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද දැනුවත් කරන ලදී. යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ද මේ මොහොතේ සිදු කරන්නා වූ ජාතික මෙහෙවර අතිශයින්ම ප්‍රසංසනීයයි. එමෙන්ම Covid -19 වෛරසය පරාජය කිරීමට ජීවිතය පරදුවට තබා කැපවීමෙන් සේවය කරමින් සිටිය දී කොරෝනා වෛරසයට ගොදුරු වු වැලිසර නාවික හමුදා කඳවුරේ සියලු දෙනාට මා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. Covid -19 පරාජය කිරීමට කැපවෙන සියලු දෙනාගේ සේවය අතිශයින්ම අගය කරමි. No photo description available.
 

More News..