brand logo

පොළොන්නරුවේ ගැබිණි හෙදියන් නිවාඩු ඉල්ලා විරෝධතාවයේ

31 May 2021

අද (31) පොලොන්නරුව මහ රෝහලේ සේවයේ නිරත ගර්භණී හෙද නිලධාරිනියන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ. මෙහිදී එම ගැබිණි හෙදියන් තමන්ගේ ජීවිත පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සේවයට කැඳවීමෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වය පෙන්වා දී ඇත. මේ අනුව අනෙකුත් රාජ්‍ය නිලධාරිනියන්ට හිමිවන නිවාඩු තමන්ට නොලැබී යෑමේ තත්ත්වයකට මුහුණ දී ඇති බව සඳහන් කරන ඔවුන් ඉපදීමට සිටින දරුවාට ද විශාල තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කර තිබේ. එම රෝහලේ මේ වන විට හෙද නිලධාරිනියන් 38ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 30ක් හා වෛද්‍යවරියන් 20කට ආසන්න සංඛ්‍යාවක් ගර්භණී තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි. එම විරෝධය පැයක පමණ කාලයක් පැවති බව වාර්තාකරු පැවසීය.
 

More News..