brand logo

සීයක් ගෙනියන්න එකසිය පනහක් එති

01 June 2021

කැප්පෙට්ටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පොහොර බෙදා දීමේ අවස්ථාවක් අද (01) පැවති අතර එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. පොහොර ලබා ගැනීම සඳහා කැප්පෙට්ටිපොල, විදුරුපොළ ප්‍රදේශයේ ගොවීන් 150කට ආසන්න පිරිසක් පැමිණ සිට තිබු අතර බෙදා දීමට රැගෙනවිත් තිබුනේ පොහොර මිටි 100ක් පමණි. එහිදී පැමිණි ගොවින් පොහොර නොලැබීම නිසා නීති උල්ලංඝනය කරමින් පොහොර ලබා ගැනීමට උත්සාහ ගන්නා අයුරු දැකගත හැකිව තිබිණ. ගොවි ජන නිලධාරින් එම කටයුත්ත නිසි ලෙස කළමනාකරණය කර නොතිබීම නිසා උදෑසන සිට එහි පැමිණ සිටිය ද පලක් නොවූ බවට අසීරුතාවයට පත්ව ඇති ගොවීන් චෝදනා කළහ. නොසන්සුන් තාවය පාලනය සඳහා පොලිස් නිලධාරීන්ට ද එම ස්ථානයට පැමිණීමට සිදුවී ඇත. කෙසේ වෙතත් අද (01) දිනයේ පොහොර නොලැබුන පිරිසට ලබන සතියේ පොහොර ලබාදෙන බවට ගොවි ජන නිලධාරීන් පැවසීමත් සමඟ ගොවින් විසිර ගොස් තිබේ.
 

More News..