brand logo

පොහොට්ටුව ගමින් ගමට යයි

04 August 2019

රටපුරා ගම්මාන 14 000 ආවරණය කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගමන් ගමට දොරින් දොරට ගමන් කරමින් පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු අද 04 දින රට පුරා දියත් කළේය. මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14029 ක් පුරා ආවරණය කරන්නටද හැකි වු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධාකයෝ අරුණ පුවත් පවතට පැවසුහ. මේ ප්‍රවර්ධන ව්‍යාපරයට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බව ද ඔවුහු පවසයි. මෙම ප්‍රවර්ධන ව්‍යාපාරයට සමගාමීව නවීන තාක්ෂණයත් පොදු ජන විඥානයත් එක පතට ගෙන රටේ දියුණුවට මං සලසනු වස්, සුබ නැකැතින් අද 04 දින උදෑසන දියත් කළ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ “ඊ කැන්වසින් ව්‍යාපාරය” සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ම ක්‍රියාත්මක වන අතර පොදුජන පෙරමුණ “ගෙයින් ගෙට යන නැවුම් නෑ ගමනක්” වැඩසටහන අද 04 හබරාදුව ප්‍රාදේශීය සභාපති හා හබරාදුව ආසන සංවිධායක දිල්ෂාන් විදානගමගේ ද එක් වෙමින් කටුකුරුන්ද- ලියනගොඩ- හරුමල්ගොඩ නැගෙනහිර දියත් කළේය. නිවුස් නිමල් අල්ගෙවත්ත
 

More News..