brand logo

පොහොට්ටුව කෑගල්ලෙන් ආසන 7ක් ගන්නවා -හේරත් කියයි

09 February 2020

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ බහුතර ආසන සංඛ්‍යාවක් පොදුජන එක්සත් පෙරමුණ ලබා ගන්නා බව වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි . මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙහිඕවිට පනාවල රංජන් විජේරත්න මහ විදුහලට සුහුරු පන්ති කාමර වලට අවශ්‍ය උපකාර ලබා දීමේ උළෙලට සහභාගි වූ අවස්ථාවේදී ය. අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ ප්‍රතිඵල පොදුජන එක්සත් පෙරමුණ ආසන 6 ක් නියතවශයෙන්ම හිමිවන බවත් තව ඡන්ද 30000 කට ආසන්න ප්‍රමාණයක් වැඩි කර ගතහොත් ආසන හතක් 7ක් පොදු පෙරමුණට ලබා ගත හැකි බවයි. මහමැතිවරණයෙන් වැඩි බහුතර ආසන සංඛ්‍යාව ලබාගෙන අපි ආණ්ඩුව පිහිටුවනවා එක ස්ථිරයි . තනිව මහ මැතිවරණයට ඉදිරිපත් වුවත් මෙම බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව ලබා ගත හැකි බවත් නව මුහුණු තුනක් හෝ හතරක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවේ දී බලා ගත හැකි බව කනක හේරත් අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය .   රුවන් වර්ණසූරිය
 

More News..