brand logo

පොහොට්ටුවේ හා නිදහස් පක්ෂයේ සාකච්ඡාව සාර්ථකව අවසන් වෙයි

27 August 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 7 වන සාකච්ඡා වටය මිට සුළු මොහොතකට පෙර සාර්ථකව අවසන් වී ඇත. ඉදිරි දිනකදී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්වුණු අතර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව භාණ්ඩාගාරිකවරයා ලෙස ඊයේ තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න එක්ව සිට ඇත. පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, සහ එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද පළමු වරට මෙම සාකච්ඡාවට සහභාගිව සිට ඇත
 

More News..