brand logo

පොහොට්ටුවේ සභාපතිවරු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

18 May 2019

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ සිදු වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු නොකිරීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, උපසභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. එම පක්ෂයේ සාමාජිකයන් කලහකාරී ලෙස හැසිරීමේදී ඔවුන් පාලනය නොකිරීම, ප්‍රකෝපකාරීන් ගිනිතැබූ ස්ථානවල ගින්න නිවීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවල සේවකයන්, බවුසර් ආදිය ලබා නොදීම ආදී චෝදනා මත ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට ආධාර, අනුබල දීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා මන්ත්‍රීවරුන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුහු මහජන නියෝජිතයන් ලෙස ලබාදෙන දිවුරුම් දීම කඩකළ බව සඳහන් කරමින් ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ඒ අනුව හෙට්ටිපොළ, කුලියාපිටිය, බිංගිරිය, මිනුවන්ගොඩ, කටාන ආදී ප්‍රාදේශීය ස්ථානවල මන්ත්‍රීවරුන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන් වේ.
 

More News..