brand logo

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද

20 September 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද මැතිවරණ කොමිසමේදී සිදු කිරීමට නියමිතයි. අද මධ්‍යහන 12.00ට පමණ ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය. ජනාධිපතිවරණ වෙනුවෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින් තිදෙනෙක් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා, සිරිපාල අමරසිංහ සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් අජන්තා විජේසිංහ පෙරේරා මහත්මිය වේ.
 

More News..