brand logo

පොහොට්ටුවේ කොන්ත්‍රාත්තු එජාප තුළ ක්‍රියාත්මක වෙනවා - විජේපාල කියයි

13 February 2020

පොහොට්ටුවේ කොන්ත්‍රාත්තු එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාත්මක වෙන බව කියන්න කැමතියි. අවශ්‍ය නම් ඒවා හෙළි කරන්නත් තමන් ලෑස්තියි. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඊයේ(12) මීපාවල පැවති මාධ්‍ය හමුවක දී  මේ බව පැවසීය. මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සංධානයේ නායකයා හැටියට ඒ වගේම සංධානයේ සභාපතිවරයා හැටියට අගමැති අපේක්ෂකයා හැටියට සජිත් මැතිතුමාගේ ඉදිරිපත්වීම පිළිබද කිසි කෙනකුගෙන් අභියෝගයක් නැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහ නිර්දේශය ඒ සදහා ලැබිල තියෙනවා. ඒනිසා අපි මේවන විට පෙරමුණක් හැටියට සංධානයක් හැටියට ශක්තිමත්ව ඒ ගමන යන්න සුදානමින් ඉන්න වමේකට විවිධ කණ්ඩායම් විවිධ මනත්‍රීවරුන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. අදහස් නොවේ වැදගත් වෙන්නේ එකගතාවයයි. හැම විටකම පෙරමුණ අපි කණ්ඩායමක් හැටියට ශක්තිමත්ව යනවා.පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිනි ඇවිලිලා තියෙන්නේ. ඒ අය අපේ පක්ෂය අවුලවන්න අපේ කණ්ඩායම අවුල් කරවන්න ඉතාම අසාධාරණ ලෙස කඩන්න බිදින්න වෙන් කරන්න ලෑස්ති වෙනවානම් ඊට එරෙහිව අපි නැගී සිටිනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කඩල බිදල ඒ පක්ෂයේ යම් යම් බලවේග ක්‍රියාත්මක වෙලා ඒ තුළින් මේ මැතිවරණයේ පෙනෙන ජයග්‍රහනය පරාජය කරගන්න අපි ලෑස්ති නැහැ. අපිට ඕන දිනන්න. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිල දිනන්න බැහැ. තව කණ්ඩායමක් ගිහිල්ල වෙන පක්ෂයක් හදල සන්ධාන ගත වුනත් කියල අපි අනීවාර්යයෙන්ම පරාජයට පත්වෙනවා. අපි ඉන්නේ දිනන අධිෂ්ඨානයෙන් සහ අපේක්ෂාවෙන්. දිනන අපේක්ෂාවෙන් සිටින අපට මේ පක්ෂයෙන් කැඩිල යන කණ්ඩායම් වලට අපිට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම අද දවසේත් හෙට දවසේත් ඉදිරි දින කීපයත් අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නොකැඩී ය යන අපේක්ෂාවෙන්.   රවීන්ද්‍ර චනද්‍රලාල් යු.එම් තිලකරත්න
 

More News..