brand logo

පොහොට්ටුවෙන් එන්නේ රාජපක්ෂවරයෙක්ම තමයි

23 January 2019

ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේ රාජපක්ෂවරයෙකුම බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ වැලිකන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින්. " මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා ජනතා බලය, ඡන්ද බලය දවසින් දවස අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් අද වැඩි පිරිසක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා එක්ක. ඒ නිසා අපි ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහු නම්කරන අපේක්ෂකයෙකු මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරනවා. ඒක ස්ථිරයි. අද පොළොන්නරුවේ වැලි මාෆියාවක් තියෙනවා. මෙතැන හොර ගුහාවක් වෙලා. අපේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු පත්වුණු ගමන් වංචා, දූෂණ, හොර වැඩ නවත්වලා ජනතාවට ඒ සහන ලබා දෙනවා" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසා සිටියා.
 

More News..