brand logo

පොහොට්ටුවට විශිෂ්ට ජයක්

07 August 2020

2020 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක් ලබාගැනීමට සමත් වුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 59.09% ක් ලැබූ අතර එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145ක් දිනාගැනීම විශේෂත්වයක් වේ. ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක බලය හිමිකරගත් අතර එහිදි මන්ත්‍රී ආසන 128ක් ලබා ගත් අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක් හිමි කර ගත්හ. මෙවර මැතිවරණයේ දී සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද 2,771,980ක් ලබාගැනීමට සමත් වුණි. එය ප්‍රතිශතයක් වශයෙන් 23.9%ක් ලැබූ අතර එම පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ත් සමග සමස්ත මන්ත්‍රී ආසන 54ක් දිනාගත්තේය. සමගි ජන බලවේගය මැතිවරණ කොට්ඨාශ 10ක් ජයග්‍රහණය කළේය. ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඡන්ද 327,168ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 10ක් හිමිකර ගත්හ. ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 445,958ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් 3.84%ක් වේ. ජාතික ජන බලවේගයට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි විය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද සමග ජාතික ජන බලවේගය ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03කි. අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඊපිඩිපි පක්ෂය මෙවර මැතිවරණයේ දී මන්ත්‍රී ධුර දෙක බැගින් දිනා ගෙන ඇත. මෙවර එක්සත් ජාතික පක්ෂයට දිවයිනෙන්ම ලබාගත හැකි වුයේ ඡන්ද 249,435ක් පමණයි. එය ප්‍රතිශතයක් වශයෙන් 2.15%ක් වන අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවේ. අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට සමත් වුණි. තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, ටි.එම්.ටි.කේ.පක්ෂය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත්තේය.
 

More News..