brand logo

පොලීසිය තවත් විශේෂ මෙහෙයුමක් අරඹයි

11 June 2021

සතිඅන්ත නිවාඩු දිනවල සංචරණ නීති කඩකරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හෙටින් ඇරඹෙන සතිඅන්තයේ සිට එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි. රට තුළ මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් වෛරස තත්ත්වය පාලනය කිරීම සදහා මෙම තීරණය ගෙන තිබේ. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුකළ මෙහෙයුම්වලින් පළාත් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 104දෙනෙක් නැවත හරවා යැවූ බව පොලීසිය පවසයි.
 

More News..