brand logo

පොලීසියෙන් දැනුම්දීමක්

10 May 2021

ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ. මේ අනුව 2021 මැයි 15,16 යන දිනයන් හි පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත නව නිලධාරීන් පුහුණුව සඳහා වන කැඳවීම තාවකාලිකව අවලංගු කර ඇත. එසේම ආධුනික පොලිස් කොස්තාපල්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සඳහා 1,010 දෙනෙකුට කැඳවීමේ ලිපි යොමුකර ඇත. එම පිරිස මැයි 15 හා 16 යන දිනවල කළුතර, නිකවැරටිය, බොරලන්ද හා මහියංගනය යන පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත පුහුණු බඳවා ගැනීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් රටෙහි පවත්නා අවධානම් තත්ත්වය හමුවේ එම බඳවාගැනීම් නැවත දැනුම් දෙන තෙක් අවලංගු කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.
 

More News..