brand logo

පොලිසිය සොයමින් සිටි ලොරි රථය වත්තලින් සොයාගැනේ

26 April 2019

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් 21 දා බෝම්බයක් පුපුරාගෙන මියගිය මොහොමඞ් ආසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින් මෙම ලොරිය ලියාපදිංචි කර ඇති අතර ඉකුත් 22 දින කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂිතව පුපුරවා හරින ලද වෑන් රථයද ලියා පදිංචිකර ඇත්තේ ද මෙම බෝම්බකරුගේ නමින් බව පොලිසිය සඳහන් කරයි. බෝම්බකරු මෙම ලොරිය ලියාපදිංචිකර ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ ලිපිනයට බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..