brand logo

පොලිසියේ 4000 ක් අයිස් ගසති

01 February 2020

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර පොලිසියේ 4000කට ආසන්න පිරිසක් ආබාධිත බව හඟවා සැහැල්ලු රාජකාරිවල නිරතවන බවට හෙළි වී තිබේ. වසර 30ක් පැවති යුද්ධයේදී පොලිසියේ පන්සියයකට අඩු ප්‍රමාණයක් ආබාධිත වී ඇත. ඔවුන්ගේ වැඩි දෙනකු මේ වනවිට විශ්‍රාම ගොස් තිබේ. එවන් පසුබිමක පෞද්ගලික කටයුතුවලදී සිදුවූ හදිසි අනතුරු, රෝගාබාධ ඉස්මතු කර වෛද්‍ය සහතික ඉදිරිපත් කර දෛනික රාජකාරිවල පමණක් යෙදීමට අවස්ථාව ලබාගෙන ඇත. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල රාජකාරි සඳහා මොවුන් මාරු නොකිරීමද විශේෂත්වයකි. ඒ අනුව මහනුවර, කන්තලේ, මාතලේ, කුරුණෑගල ආදී පොලිස් කොට්ඨාසවල එසේ ආබාධිත බව හඟවා සැහැල්ලු රාජකාරිවල 100ත් 200ත් අතර පිරිසක් රාජකාරි කරන බව වාර්තා වේ. වෛද්‍ය නිර්දේශ මත ඔවුන් විශේෂිත රාජකාරිවලට හා රාත්‍රී රාජකාරිවලට නොයොදවන අතර නිල ඇඳුම් ඇඳීම පවා සිදුනොකරයි. එහෙත් වාර්ෂිකව ලැබෙන නිල ඇඳුම් සහ පාවහන් දීමනාවද ලබා ගන්නා ඔවුන් සිය පෞද්ගලික කාර්යයන්වලදී සියලුම බරවැඩවල නියැළෙන බව සෙසු පොලිස් නිලධාරීහු පෙන්වා දෙති. එබැවින් මේ සම්බන්ධයෙන් වහාම විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් යටතේ සුදුස්සන්නට පමණක් සැහැල්ලු රාජකාරි ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. චමින්ද සේනාරත්න
 

More News..