brand logo

පොලිසියේ 3495කට උසස්වීම්

05 December 2019

ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා තුන්දහස් හාරසිය අනූපස් දෙනකුට උසස්වීම් ලබාදීමේ ලේඛනයක් පොලිස් මූලස්ථානට ඊයේ (4 වැනිදා) නිකුත් කර ඇත. 2020 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ක්‍රියාත්මක වන බව පොලිස්පතිවරයා වෙනුවට මානව සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ නිකුත් කළ ලේඛනයකින් දන්වා ඇත. මේ අනුව පොලිස් පරීක්ෂක ධුරයේ සිටි 542කට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයද, කාන්තා පොලිස් පරීක්ෂක ධුරයේ සිටි 97 දෙනකුට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයද උපපොලිස් පරීක්ෂක ධුරයේ සිටි 1286 දෙනකුට පොලිස් පරීක්ෂක ධුරයද, පොලිස් කොස්තාපල් ධුරයේ සිටි 1570 දෙනකුට සැරයන් තනතුරු ද පිරිනමා ඇත. පොලිසියේ තිස්එක් දහසකට (31,000)ක ප්‍රමාද වී ඇති උසස්වීම් ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුන් නියෝගයක් මත ජාතික පොලිස් කොමිසම, මහා භාණ්ඩාගාරය හා පොලිස් මූලස්ථානය එක්ව අදියර තුනක් යටතේ මෙම උසස්වීම් ක්‍රමවේදය සකස් කර තිබේ. ඊයේ (4 වැනිදා) නිකුත් වූයේ දෙවැනි අදියරට අයත් උසස්වීම්ය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..