brand logo

පොලිස් භෝජනාගාරයට කොරෝනා ඇවිත්

27 October 2020

වේල්ලවීදිය පොලිසියේ හෝජනාගාර පාලකට කොවිඩ් ආසාදනය ⁣වූ බව තහවුරු කර ගෙන තිබේ. 12 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. එම පොලිසියේ භෝජනාගාර පාලක වරයා පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙනවිත් තිබෙනවා. පසුව පසුගිය 23වනදා සිදුකරන ලද PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු කර ගෙන තිබේ. නමුත් මේ වනතුරුත් ඔහුට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බව පැවසෙනවා. පසුව ඔහු කෑගල්ල උඳුගොඩ රෝහලට ඔහුව යොමුකර ඇති අතර ඔහුගේ සහයකයින් දෙදෙනා සහ තවත් දස දෙනෙකු කළුතර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත . අනතුරුව පොලිසියේ අනෙකුත් නිලධාරීන් පිරිස 'නිවෙස් වලම නිරෝධායනය කරන සංකල්පය මත ඔවුන් පිරිස එම පොලිසියේම නිරෝධායනයට යොමු කර ඇත. එම පොලිසියේ ග්‍රාම නිලධාරී කොට්ටාශ තුනක වැඩ අවට තිබෙන පොලිසිවල නිලධාරීන් යොදවා සිදුකරේ.
 

More News..