brand logo

පොලිසියේ තුනක් යටකර පලා ගිය ටිපර් එක අල්ලයි

14 July 2020

හක්මන කෝන්ගල ප්‍රදේශයේදී 13 දින රාත්‍රී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කරමින් පලා ගිය ටිපර් රථය 14 අළුයම රන්න කට්ටකඩුව  ප්‍රදේශයේ සඟවා තිබියදී හක්මන පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සොයාගෙන ඇත. හක්මන කෝන්ගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් යට කරගෙන ටිපර් රථයක් 13 රාත්‍රී පලාගොස් තිබිණි. එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර 36 හැවිරිදි වියේ පසු වූ පොලිස් කොස්තාපල් වරයෙකු රෝහලේදී මියගොස් තිබිණි.අනෙක් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල  සහිතව මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් එක් නිලධාරියෙකුගේ  තත්වයද බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.අනතුර සිදුකරමින් පලාගිය ටිපර්  රථය සොයා හක්මන පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් දියත්කර තිබු අතර අනතුර සිදුකරමින් පලාගිය ටිපර් රථය අද 14 අළුයම හුංගම රන්න කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.
 

More News..