brand logo

පොලිසියට විහිළු කළ තරුණයින් දෙදෙනාට වැඩ වැරදුණු හැටි

04 January 2019

වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ ඩමියක් ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙන්ය. අදාල පොලිස් ඩමිය ඉදිරියට ගිය එක් තරුණයෙකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපනය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමට කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කොට තිබුණු අතර වවුනියාව පොලීසිය විසින් එම සිද්ධිට අදාළ දර්ශන වීඩියෝ ගත කරන ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනීසිටි පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසියට අපහාස කිරීම, හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණා. එහිදී එම තරුණයින් දෙදෙනාව ඇප මත නිදහස් කොට ඇති අතර යළි ලබන 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කොට ඇති බව සඳහන් වෙයි.
 

More News..