brand logo

පොලිසියට අවුරුදු දෙකකින් තොප්පි නෑ

16 August 2020

වසර දෙකක කාලයක සිට පොලිස් කොස්තාපල්වරුන්ට සහ පොලිස් සැරයන්වරුන්ට හිස්වැසුම් ද පොලිස් නිලධාරිනියන්ට පාවහන් ද ලබා දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම තනතුරුවල පොලිස් නිලධාරීන් හැත්තෑ තුන්දහසකට වැඩි පිරිසක් සිටින අතර විවෘත වෙළෙඳපොළෙන්වත් හිස්වැසුම් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මීට වසර දෙකකට ප්‍රථම විදේශ රටකින් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහා හිස්වැසුම් 75000ක් ආනයනය කර ඇති අතර එම හිස්වැසුම්වල ඉදිරිපස කොටසේ ඇති වෙනසක් නිසා බෙදා දීම අත්හිටුවා තිබේ. එම හිස්වැසුම් තොගය මේ වන විට මරදාන ප්‍රදේශයේ ගබඩාවක වසර දෙකක් තිස්සේ ගොඩගසා ඇති බව වාර්තා වේ. එහෙත් එම හිස්වැසුම් තොගය ආපසු ලබාගැනීමට අදාළ සමාගම ප්‍රතිකේෂ්ප කර ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ එවැනි ගැටලුවක් ඇති බවත් ඉදිරි මාස හතර තුළ අලුතෙන් හිස්වැසුම් හැටදහසක් මිලදී ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු සිදුකර ඇති බවයි. එම තනතුරුවල පොලිස් නිලධාරීන් හැත්තෑ තුන්දහසකට වැඩි පිරිසක් සිටින අතර විවෘත වෙළෙඳපොළෙන්වත් හිස්වැසුම් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මීට වසර දෙකකට ප්‍රථම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහා හිස්වැසුම් 75000ක් ආනයනය කර ඇති අතර එම හිස්වැසුම්වල ඉදිරිපස කොටසේ ඇති වෙනසක් නිසා බෙදා දීම අත්හිටුවා තිබේ. එම හිස්වැසුම් තොගය මේ වන විට මරදාන ප්‍රදේශයේ ගබඩාවක වසර දෙකක් තිස්සේ ගොඩගසා ඇති බව වාර්තා වේ. එහෙත් එම හිස්වැසුම් තොගය ආපසු ලබාගැනීමට අදාළ සමාගම ප්‍රතික්​ෙෂ්ප කර ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ එවැනි ගැටලුවක් ඇති බවත් ඉදිරි මාස හතර තුළ අලුතෙන් හිස්වැසුම් හැටදහසක් මිලදී ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු සිදුකර ඇති බවයි. චමින්ද සේනාරත්න
 

More News..