brand logo

පොලිස් ස්ථාන 190ක් අලුතින්

04 April 2021

    මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කර තිබේ. දැනට පොලිස් ස්ථාන 494ක් ක්‍රියාත්මක බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි. බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකිරීම සඳහා නව අදියරක් ලෙස මෙම පොලිස් ස්ථාන ආරම්භ කරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. නව පොලිස් ස්ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ අද (04) මරදන්කර්නී සහ අයියන්කන්කුලම යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් ආරම්භ කළ අතර අයියන්කන්කුලම නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කර තිබේ.
 

More News..