brand logo

පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කාලා

06 February 2021

කොළඹ නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් බව හඟවමින් විමර්ශන කටයුත්තක් සඳහා පැමිණියේ යැයි පවසා ඉකුත් 03 වනදා පැමිණි පිරිසක් නිවසක රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් කොල්ලකා සැකකරුවන් පළාගොස් තිබුණි. කටුගස්තොට පොලිස් වසමේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පුද්ගලයින් 4 දෙනෙකු එළෙස පැමිණ එම කොල්ලය සිදුකර ඇති අතර එම සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ ආකාරයෙන් කොල්ලකරුවන් නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පොලිස් නිලධාරීන් එසේ පැමිණෙන්නේ නම් හුඳුනුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ම් ස්ථාන පරීක්ෂා කිරීමක් සිදුකිරීමට පෙර නිසි හඳුන්වාදීමක් සිදුකරන බවද විශේෂ අවස්ථාවක් හැරුණුවිට අනෙක් සියලුම අවස්ථාවල පොලිස් නිලධාරීන් පොලිස් රථවලින් පැමිණෙන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි පැවසූවොත් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
 

More News..