brand logo

පොලිස් විශේෂ කාර්යාංශ බුද්ධි ඒකකයෙන් වැඩක් වෙනවද?

04 January 2020

පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ බුද්ධි අංශයෙන් සැලකිය යුතු බුද්ධි තොරතුරු ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. රටපුරා ඇති පොලිස් ස්ථාන 497 හි එම කාර්යාංශ එකකට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනා බැගිනුත්, පොලිස් කොට්ඨාස 42 හි පිහිටුවා ඇති එම කාර්යාංශ ඒකකයේ දිස්ත්‍රික් කාර්යාලවල ස්ථානාධිපතිවරයකු බැගින් නිලධාරින් හයත්, අටත් අතර ප්‍රමාණයක් බුද්ධි තොරතුරු රැස් කරයි. රාජ්‍ය බුද්ධි සේවය, යුද, ගුවන්, නාවික බුද්ධි අංශ ක්‍රියාත්මක වන අතර එවැනි තත්ත්වයන් මත පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මෙම පොලිස් විශේෂ කාර්යාංශ ඒකකය මගින් සැලකිය යුතු බුද්ධි තොරතුරු ලැබෙන්නේද යැයි ගැටලුවක්ව ඇත. පසුගිය අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කලින්ම ඒ පිළිබඳ අනතුරු හඟවා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශය වුවත් මෙම ඒකකය පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු නොවීය. එහෙත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ඒකකයට බුද්ධි තොරතුරු සොයනවාට වඩා පොලිස් නිලධාරින් පිළිබඳ සොයා බලා ඉහළ නිලධාරින්ට වාර්තා කිරීම පැවරී ඇති බවයි. මධුභාෂණ හේරත්
 

More News..