brand logo

පොලිස් වසම් තුනක ඇන්ටිජන් පරීක්ෂණ වලින් 75කට කොරෝනා

11 January 2021

කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් තුනක හදිසියේ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී පුද්ගලයින් 75දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා සදහන් කළේ ගතවූ දින විසිහතරක් තුළ පුද්ගලයින් 2703දෙනෙකු වෙනුවෙන් ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකළ බවයි. අලුත්ගම පොලිස් වසම තුළ ගාලු පාරදී අවස්ථා 18කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට පුද්ගලයින් 1894දෙනෙක් සහ ධර්ගා නගරයේදී පුද්ගලයින් 254දෙනෙකු ද යොදාගෙන තිබේ. බේරුවල නගර සභා සහ ධීවර වරාය පරිශ්‍රය තුළදී 265දෙනෙකු, පයාගල පොලිස් වසමේ මග්ගොන අක්කර මලේ ප්‍රදේශයේදී පුද්ගලයින් 290දෙනෙකු ද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සදහා යොමු කළ බව චතුර මල්රාජ් මහතා පැවසීය.
 

More News..