brand logo

කොස්තාපල් මල්ලී හා පෙමින් බැදුනු පොලිස් අක්කා දරු පවුල අතඅරියි

26 April 2021

පොලිසියට අලුතින් එක් වූ කොස්තාපල්වරයකු හා පෙමින් වෙලී සිටින පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරිනියක් මේ දිනවල පුවත් මවමින් සිටින්නීය. ඇය දෙදරු මවකි. ඇගේ සැමියා ද පොලිස් නිලධාරියෙකි. ඇය අනියම් පෙමක පැටලී ඇත්තේ එවන් වටපිටාවකය. දෙදෙනාගේ පෙම කෙතරම් දුරදිග ගොස් තිබෙන්නේද යත් තමන්ගේ සැමියා පමණක් නොව දරුවන් දෙදෙනාද ඇයට එපා වී තිබේ. වයඹ පළාතේ පදිංචි මෙම නිලධාරිනිය දරුවන් බැලීමට පවා නිවෙසට නොයන හෙයින් පොලිස් සැමියා මේ බව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ. මේ පෙම් කතාව දන්නා පොලිස් මූලස්ථාන නිලධාරීන්ද ගැටලුවට පිළියමක් ලෙස ඇයගේ ගම් ප්‍රදේශයටම ස්ථාන මාරුවක් ලබා දී ඇතත් කිසියම් අතපෙවීමක් මත එම ස්ථාන මාරුවද අක්‍රිය වී ඇතැයි කියති. මූලස්ථාන පාලන අංශයේ නිලධාරීන් දෙදෙනකු හා ඇය අතර පවතින හිතවත්කම ඊට හේතු වී ඇතැයිද පැවසේ. වැඩි වියට පත් වීමට ආසන්නව සිටින දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් ඇය නිවෙසට ගෙන්වා දෙන ලෙස පොලිස් සැමියා පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා තිබෙන නමුත් නිවසට යාම ඇය තරයේ ප්‍රතික්ෂේප කර ඇත්තේ කොස්තාපල් මල්ලී හැර වෙනත් කිසිවකු තමන්ට අවශ්‍ය නොමැති බව පවසමිනි. පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ක්‍රියාත්මක වුවද මේ දෙදරු මව උසස් නිලධාරිනියක් හෙයින් ඇයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිවකු ඉදිරිපත්වන්නේ නැතැයි මූලස්ථානයේ පොලිස් පොඩ්ඩියන්ගේ අදහස වී තිබේ. හේමන්ත ලියනපතිරණ
 

More News..