brand logo

පොලිස් ලොක්කකුගේ සාදයට පොලිස් ස්ථාන තිහකට ‘දඩ’

02 December 2019

මධ්‍යම පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ මූලිකත්වයෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබීම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේද අප්‍රසාදයට හේතුවී තිබේ. භෝජන සංග්‍රහය සඳහා එක් පොලිස් ස්ථානයකින් විස්කි බෝතල් තුනක්, කුකුල් මස් හෝ වෙනත් කටගැස්මක් (බයිට් වර්ගයක් සමග) රුපියල් පන්දහස බැගින් එකතු කරන ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී තිබේ. ඒ අනුව පොලිස් ස්ථාන තිහකට අධික සංඛ්‍යාවකින් මෙලෙස සම්මාදම් කෙරෙනු ඇත. ‘‘අපි කොහෙන්ද විස්කි හොයන්නේ ජාවාරම්කාරයෝ ගාවට ගිහින් ඉල්ලන්නද කියන්නේ’’ යැයි එම පළාතේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු පවසන බවටද ආරංචි ලැබේ. හේමන්ත ලියනපතිරණ - කොළඹ
 

More News..