brand logo

පොලිස් බිරියන් හා පවුල්වල ඥාතීන් 12 දා පාරට

02 December 2018

ඉහළ දමනු ලැබූ සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඉල්ලා එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. පසුගිය අගෝස්තු 23 වැනි දින සිට රජයේ සියලුම සේවකයින්ගේ සංයුක්ත දීමනාව වැඩිකළ අතර එම මාසයට ඇතුළත් දින හතට පමණක් දීමනාව ලබාදී ඇත. පොලිස් කොස්තාපල් නිලයට මෙතෙක් ගෙවූ දිනකට රුපියල් 350ක දීමනාව 700ක් දක්වාත්, සැරයන් සිට පොලිස් පරීක්ෂක දක්වා ලබා දුන් රුපියල් 400ක දීමනාව 800 දක්වාත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක සිට ඉහළ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 500 දීමනාව රුපියල් දහසක් දක්වාත් වැඩි කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් රජයේ අනෙකුත් නිලධාරීන්ට එම නිලයන්ට අදාළ දීමනා ලබා දෙන අතර පොලිස් නිලධාරීන්ට පසුගිය අගෝස්තුවෙන් පසුව ගෙවුණු මාස දෙකේ වැඩිකළ දීමනාව ලබාදී නොමැත. එහෙත් රාජ්‍ය බුද්ධි තොරතුරු කොඨඨාශයේ නිළධාරින්ට මාස දෙකක දිමනාවද ජනාධිපති, අගමැති හා ඇමති අරාක්ෂක කොඨඨාශවල නිළධාරින්ට ගෙවුණු මාසයකට අදාළ ගෙවිමි සිදු කර ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැති නිසා පෙර ගෙවූ සංයුක්ත දීමනාව සෑම මසකම 10 වැනි දින ගෙවන බවය.
 

More News..