brand logo

පොලිස් බාරයට ගත් සැකකරුගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු ගත්තේ කවුද?

16 October 2020

මීගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගේ පොලීසිය බාරයට ගත් ක්‍රෙඩිට් කාඩ්පත යොදා ගනිමින්  සුපිරි වෙළඳසැල් 10කට අධික ප්‍රමාණයකින් භාණ්ඩ මිලදී ගැනීම් සිදු කර ඇත. ඉකුත් 02වනදා මීගොඩ ප්‍රදේශයේ දී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තිලක් බඩා නැමැති සැකකරුවෙකු සතුව තිබූ ඔහුගේ මවගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් මෙලෙස භාණ්ඩ ලබා ගෙන ඇත. එම සැකකරුගේ මව විසින් හෝමගම ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙතද, පොලිස් කොමිසම වෙතද, මානව හිමිකම් කොමිසම් සභාව වෙතද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.   හේමන්ත ලියනපතිරණ
 

More News..