brand logo

පොලිස් පරීක්ෂක උසස්වීම්වලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණයක්

17 August 2018

පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණය වහාම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. උසස්වීම් ලබාදීමේදී ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයේ ඇති ගැටඵවක් නිසා පොලිස් පරීක්ෂකවරු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම සලකාබලා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත්කර තිබිණි. ජ්‍යෙෂ්ඨත්වයට ලකුණු 50ක්ද දක්ෂතා මත ලකුණු 50ක්ද ලෙස සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර මීට පෙර ලකුණු ලබාදී ඇත්තේ ජේෂ්ඨත්වය මත ලකුණු 70ක්ද දක්ෂතාමත ලකුණු 30ක්ද වශයෙනි. මෙම තත්වය මත ජේෂ්ඨයින්ට අසාධාරණයක් සිදුවන බව පොලිස් පරීක්ෂකවරු පරිසක් 'අරුණ'ට පැවසීය.
 

More News..