brand logo

පොලිස් නිල ඇඳුම අලුත් වෙයි

29 March 2019

පොලිස් නිලධාරින්ට දැනට භාවිත කරන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලීසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28) පස්වරුවේ එක්වෙමින් සඳහන් කළේය. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරත් සඳහන් කළේ තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගෙවීගිය මාස කිහිපය තුළ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබූ වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බවය.
 

More News..