brand logo

පොලිස් නිලධාරීන් 600කට කොවිඩ්

12 November 2020

පොලිස් නිලධාරීන් 600 ක් පමණක් කොවිඩ් 19 ආසාදිතයින් බවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තවත් 3000 කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාවලට යොමුකර ඇති අතර සාමාන්‍ය රාජකාරියේ නිරත නිලධාරීන් අතරින් රෝගීන් බිහි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව පිළිබඳ පළවන ඇතැම් වාර්තාවල සත්‍යතාවක් නොමැත බවත් පොලිස් සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවන බවත් අසාදිතයින් හඳුනා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..