brand logo

පොලිස් නිලධාරීන්ට තියුනු ආයුධ වලින් පහරදුන් ගම්පහ සමන් රිමාන්ඩ්

29 May 2020

පොලිස් නිලධාරීන්ට තියුනු ආයුධ වලින් පහරදුන් ගම්පහ සමන් නමැති නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවකු සහ ඔහුගේ බිරිද ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද (29) නියෝග කොට තිබේ. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත්තේ 54 හැවිරිදි ගම්පහ මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුකරන බවට ලද තොරතුරක් මත වැටලීමට ගිය පොලිස් නිලධාරීන් මෙලෙස පහර කෑමට ලක්ව තිබේ. එක් නිලධාරියෙකු තුවාල ලබා ගම්පහ මහරෝහල වෙත ඇතුලත් කොට තිබේ. හෙරොයින් ජාවාරම් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ ඇති මෙම සැකකරු දිගු කලක් තිස්සේ විවිධ ජාවාරම් සිදුරකර ඇති බව විමර්ශන වලදී හෙලි වී තිබේ. ගම්පහ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ විසින් ඉදිරි විමර්ශන සිදුකරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..