brand logo

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

24 September 2020

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර ඊට අදාළ ගිවිසුම ඊයේ (23) දිනයේ අත්සන් කෙරුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. පළමුවෙන් මෙම උසස් අධ්‍යාපන අවස්ථාව වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා හිමි . එහිදී පොලීසියට අදාළ විෂයන් හැදෑරිය හැකි අතර ඒ සඳහා ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා දීමට මෙයින් බලාපොරොත්තු වෙන බවත් ඉදිරියේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ද මෙම පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය. පොලිස් අභ්‍යාස ආයතනය මඟින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්ත්ව පරීක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුගතව සංවර්ධනය කිරීමටත් මෙහිදී කටයුතු කිරීමට නියමිතය.
 

More News..