brand logo

පොලිස් තෑගි අරමුදලේ කෝටි 7ක් පුස් කයි

14 December 2019

පොලිස් විශේෂ වැටලීම්වලට අදාළව ත්‍යාග වශයෙන් පොලිස් නිලධාරීන්ට වෙන් කර ඇති රුපියල් හත් කෝටියකට අධික මුදලක් වසර ගණනක් තිස්සේ ගෙවීමට නොහැකි වී තිබේ. මෙම වැටලීම්වලට අදාළ නඩු කටයුතු අවසන් නොවීම මෙම ත්‍යාග මුදල් ගෙවීමට නොහැකි වීමට හේතු වී ඇත. නඩු අවසන් වීමට පෙර ත්‍යාග මුදලින් සියයට පනහක් ගෙවන අතර ඉතිරි සියයට පනහ ගෙවන්නේ නඩු කටයුතු අවසන් වීමෙන් පසුවය. ඉකුත් වසර පහළොවක පමණ කාලය ඇතුළත කර ඇති වැටලීම්වලට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මුදල රුපියල් හත්කෝටි පනස් දෙලක්ෂ හැත්තෑ හත්දහස් නවසිය හැට එකක් යැයි විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. මෙම ත්‍යාග මුදල් ගෙවීමට නොහැකි වී ඇත්තේ නඩු කටයුතු අවසන් නොවීම නිසා යැයි පොලිස් දෙපාර්තමේන්තුවද පිළි ගෙන ඇත. කෙසේ වුවද නඩු කටයුතු අවසන් වීමේ ප්‍රගතිය වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පසුවිපරම් කටයුතු සිදු කරන ලෙසත් ජාතික විගණන කාර්යාලය පොලිස් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ. නිලන්ත මදුරාවල
 

More News..