brand logo

පොලිස් ජිප් රථ අනතුරින් එකම පවුලේ දෙදෙනෙක් මරුට

28 February 2021

    වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ වූ රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. අනුරාධපුරයේ වන්දනාගමනක් යෑම සඳහා වේයන්ගොඩ සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දී අද (28) උදෑසන 8ට පමණ පියා, මව, මිත්තණිය හා දරුවන් දෙදෙනා මෙලෙස අනතුරට පත්ව තිබේ. මියගිය පිරිස අතර ත්‍රිරෝද රථයේ ගමන් කළ 40 හැවිරිදි පියා හා ඔහුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පොලිස් ජීප් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර වී ඇති බවය. 34 හැවිරිදි මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ 9 හැවිරිදි හා 13 හැවිරිදි දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත. කටුපොත පොලීසියට අයත් ජීප් රථයක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් නැවත පැමිණෙමින් තිබිය දී මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයා මේ වන විට කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
 

More News..