brand logo

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුතා රිමාන්ඩ්

01 July 2019

ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයාව ලබන 04 වැනිදා දක්වාරක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේකෝන් මහතා 01 වැනිදා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හලාවත - සේදවත්ත පදිංචිකරුවෙකු වන ඉෂාන් චතුරංග (අවු:26) නම් අයෙකුවය. පසුගිය 29 වැනිදා රාත්‍රීයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ නිවසේදී මෙම පහර දීම සිදුවී ඇත. පහර කෑමට ලක්ව ඇති පොලිස් කොස්තාපල් 60990 සුනන්ත අරුණ කුමාර යන අය හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. පහර කෑමට ලක්ව ඇති පොලිස් කොස්තාපල්වරයා ඇමති ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කරන අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ ආරක්ෂාව සදහා යොදවා තිබී ඇත.මන්ත්‍රීවරයාගේ නිවසේදී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පහර දීම සිදුවී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය කියයි.
 

More News..