brand logo

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

30 June 2019

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල මහතා ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (30) කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේය. ඊයේ (29) රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට තර්ජනය කොට පහරදීමේ චෝදනාවට මංජුල පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබුණි. පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළේය.
 

More News..