brand logo

පොලිස් කොමිසමේ ලේකම් රිමාන්ඩ්

19 July 2019

ඇවන්ගාඩ් සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කළේය. ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (19) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් පොලිසිය බාරයේ එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කිරිමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය. අදාළ සැකකරු ඊයේ (18) ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
 

More News..