brand logo

පොලිස් උපසේවා නිළධාරින්ට අසාධාරණයක් - නිළධාරින් කල කිරිමෙන්

15 December 2019

පොලිස් දෙපාර්තුමෙන්තුවේ උප සේවා පොලිස් නිළධාරින් වශයෙන් යුධමය කාලය තුලදි අනුකණ්ඩ හා අනු අණ්ඩ නොවන ආදි වශයෙන් හතලිස් දහසකට ආසන්න පොලිස් නිළධාරින් පිරිසක් එවකට රටේ පැවති තත්වය මත පොලිස් දෙපාර්ථමෙන්තුවට බදවා ගත් අතර එම නිළධාරින් දසක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය තුලදි යුදමය කටයුතු සදහා යොදා ගත්තද අදවන වීට එම නිළධාරින්ට උසස්වීම් ලබා දීමේදී අසාධාරණයක් සිදුව තිබීම හේතුවෙන් පොලිස් නිළධාරින් කණගාටුවෙන් යුතුව තම රාජකාරි කටයුතු සිදු කිරිමට සිදුව ඇති බව බොහෝ පොලිස් ස්ථානවලින් වාර්ථවේ. 88/90 පොලිස් දෙපාර්ථමෙන්තු සේවය බැදි දසක තුනක කාලයක් යුධමය කටයුතු සදහා දැක්වු සහයෝගට උපහාරයක් වශයෙන් එවකට ජනාධිපති මහින්ද රජපක්ෂ මැතිතුමාගේ රජය තුලදි එවකට නිවාස සංවර්ධන අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ යොජනාවක් පරිදි සුදුසු කම්ලත් සියළුම උපසේවා නිළධාරින් වහා ක්‍රියාත්මක වන පරිදි 2006-2-01 දින සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහානය කල බවත් එ අනුව එම නිළධාරින් පොලිස් සේවට බැදුනු දින සිට නිත්‍ය සේවා නිළධරින් වශයෙන් වැන්දඔ අනද්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකත්වය ලබා ගෙන එදින සිට නිළධාරින්ගෙන වැටුපෙන් මුදල් අය කර වැන්දඹ අනද්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කරගෙ ඇති අතර එම නිළධාරින් අද දක්වා තම වැටුපෙන් ඒ සදහා මුදල් යොමු කලද , 2015 වසරේ එවකට පැවති රජය පරාජයට පත්වීමත් සමග එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පැමිනීමේන් පසුව පත්වු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් දේපාර්ථමෙන්තුවේ නිළධාරින් ජේෂ්ඨතා ලයිස්තු කිරිමට කටයුතු කල අතර එහිදි බොහො පරිනත පොලිස් නිළධාරින් පසෙකලා 2006-02-01 දිනට පෙර පොලිස් සේවයට බැදුනු නිත්‍ය සේවා නිළධාරින් උප සේවා නිළධාරින් අභිබවා ජේෂ්ඨතා ලයිස්තුතා ගත කර ඇති බව අසාධාරණයට පත් පොලිස් නිළධාරින් සදහන් කරයි. එයින් ද මෙම උපසේවා නිළධාරින්ට මහතත් පහත් අන්දමින් සලකා ක්‍රීයා කල ඇති බවත් එතෙක් උප සේවා නිළධාරින් නිත්‍ය සේවා නිළධාරින් අතර තිබු සහයෝගතාවය හා සම්බන්දතාවය බිදිගිය බවත් දේපාර්ථමෙන්තුව තුල යම්යම් ගැටුමකාරි තත්වයක් නොපෙනෙනා අයුරින් මතුව ඇති බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටි. තවද එම නිළධාරින් සදහන් කර සිටින්නේ 2018-01-01 උසස්වීම් ලබා දුන්ක් මෙන්ම 2020-01-01 දිනටද උසස්විම් දිනට නිර්දේශ කර ඇත්තේද නිත්‍ය සේවයට මුලින් පත්වු නිළධාරින්ම බව ඔවුන් චෝදනා කර සිටින ඔවුන් පෙන්වා දෙන්නේ එමගින්ද පොලිස් දේපාර්ථමෙන්තුව තුල සිදුකරණු ලබන ඇතැම් රාජකාරින් වලදී ජේෂඨ නිළධාරියා කණ්ඩායම් භාර නිළධාරියා වශයෙන් යොදවා සෙසු නිළධාරින් වශයෙන් දෙපාර්ථමෙන්තුව තුල දිර්ඝ කාලින් අත්දැකිම් ඇති පරිනත නිළධාරින් වශයෙන් උපසේවා නිළධාරින් යෙදවීමෙන් එකි රාජකාරිය මනාව ඉටු නොවිම තුලින් සමස්ථ පොලිස් දේපාර්ථමෙන්තුවම මහජනතාවගේ අප කිර්තියට පත්වන අවස්ථා ඇති බව පෙන්වා දෙයි. එසේම මේ වන විටත් නිළධාරින් අතරද තමාට වඩා කණිෂ්ඨ නිළධාරියකු යටතේ රාජකාරි කිරිමට යාමේ දී යම යම් ප්‍රශ්ණවලට මුහුණ දී විණය පරික්ෂණ වලටද ලක් වීමටද සිදුව ඇත්තේ මෙකි අසරණතාවට පත් නිළධාරින්ම බව සදහන් කරයි. අසාධාරණයට පත්ව සේවයේ නියුතු පොලිස් නිළධාන් සදහන් කර සිටින්නේ මේ පිළිබද කිසිවෙක් කිසිවෙකුට තමා පත්ව ඇති ඉරණම කීමට නොහැකීව කණගාටුවෙන් තම රාජකාරිය පිළිබද අසතුටින් යුතුව සේවයේ නිරිත වීමට සිදුව ඇතිබව පෙන්වා දෙන පොලිස් නිළධාරින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති වරයාගේ හා අගමැතිවරායාගේ අවධානයට යොමු කර සමස්ථ පොලිස් දේපාර්ථමේන්තුව තුල සේවයේ නියුතු 40000 ආසන්න නිළධාරින් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරිමට කටයුතු කරණ ලෙසයි.
 

More News..