brand logo

පොලිස් ඉලක්කයක් වැරදීමෙන් හිමිනමක් අපවත් වෙයි

19 January 2020

හුංගම හාතගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් වෑන් රථයක සිටි ස්වාමින් වහන්සේ නමකට වැදීමෙන් එම හිමිනම අවපත් වී තිබේ. පොලීසිය පැවසුවේ අණ නොතකා ධාවනය කළ යතුරු පැදියට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වැරදී ඒ අසළින් ගමන් ගත් වෑන් රථයකට වෙඩි වැදී මෙම අනතුර සිදුවූ බවයි. අපවත් වූ හිමි නමගේ දේහය අගුණකොලපැලැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
 

More News..