brand logo

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92කට කොවිඩ්

10 November 2020

පොළොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන යනුලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පොලිස් සාමාජික සාමාජිකාවන් 92කට කොවිඩ් ආසාදිත බව අද (10) වාර්තාවී ඇත. ඒ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා සඳහන් කරනවා. මින් පෙර එම නිරෝධායන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් 05දෙනෙකු හඳුනාගෙන ඇත. මෙසේ ආසදිතව ඇත්තේ නිරෝධායනය වන 150දෙනෙකු අතරින් 97කට බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරයා සඳහන් කරනවා. දැනට හඳුනාගත් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර ඇති බවද පැවසේ.
 

More News..