brand logo

පොලිස්පති ඇතුළු කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව යයි

30 November 2018

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා. එම කණ්ඩායමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සහ බුද්ධි අංශ නිලධාරින් කිහිප දෙනෙකු ද ඇතුළත් වනවා. වව්නතිව් පොලිස් මුර පොලේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඊයේ (29) රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙලෙස මියගොස් තිබෙන්නේ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති වයස අවුරුදු 35ක් වන ගාල්ල උඩුගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගනේෂ් දිනේෂ් නමැති වයස අවුරුදු 28ක් වන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පොලීසිය සදහන් කළේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිළිබඳ පරික්ෂණ සිදු කිරිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා.
 

More News..