brand logo

පොලාඩ් නිසා මුම්බායි ගොඩයයි

11 April 2019

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වන තරගය තියුණු සටනකින් අනතුරුව ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 197ක් ලබාගත්තේය. එහිදී කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් කේ එල් රාහුල් නොදැවී ලකුණු 100ක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව ක්‍රිස් ගේල් ලකුණු 63ක් ලබාගත්තේය. අනතුරුව පිටියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 20කදී කඩුළු 7ක් දැවී ලකුණු 198ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය. කණ්ඩායම වෙනුවෙන් නායක කිරන් පොලාඩ් ලකුණු 83ක් රැස්කළේ පන්දු 31කදීය. ඊට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

කිරන් පොලාඩ්ගේ සුපිරි පිතිහරඹය මෙතනින් බලන්න

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

 

More News..